Nenapahana

සහෘද යාත්‍රා – රාජකීය සෙනෙහස මැදවච්චියට

සහෘද යාත්‍රා – රාජකීය සෙනෙහස මැදවච්චියට

-සහෘද යාත්‍රා - රාජකීය සෙනෙහස මැදවච්චියට-

රාජකීය විද්‍යාලයීය සිංහල සාහිත්‍යය සංගමය සහ EDEX නැණපහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් ළමුන් සදහා පාසල් පොත් පත්, උපකරණ, නිල ඇඳුම් සහ පුස්තකාල පොත්පත් බෙදා දීමේ ව්‍යාපෘතිය.

දුෂ්කර පාසල් 24කින් අඩු ආදායම්ලාභී සිසුන් 1000ක්, සහ පාසල් පුස්තකාල 7ක් සදහා මෙම ව්‍යාපෘතිය අත්වැලක් විය.

තවද, කුඩා දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත ඉතා දිළිඳු පවුලකට නිවසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වේ.