Sithuwam

EDEX Sithuwam 10th Anniversary

EDEX සිතුවම් 10 වැනි සංවත්සරය සමරයි

අප අද දින EDEX සිතුවම් චිත‍්‍ර තරගයේ ජයග‍්‍රාහකයන්ගේ කලා කුසලතා අගයමින් දක්ෂතාවන්ගෙන් සපිරි ජයග‍්‍රාහකයන්ට සුභපැතීමට බලාපොරොත්තු වෙමු. එමෙන්ම ශ‍්‍රී ලංකාව පුරා පිහිටි රජයේ හා පුද්ගලික පාසල් නියෝජනය කරමින් ප‍්‍රාථමික ශ්‍රේණිවල සිට ජ්‍යෙෂ්ඨ ශ්‍රේණි දක්වාම සහභාගි වූ සියලූ දෙනාට ස්තුති වන්ත වෙමු.

EDEX සිතුවම් චිත‍්‍ර තරගයේ දසවන සංවත්සරය නිමිත්තෙන් ද, ත්‍යාග ප‍්‍රදානෝත්සවයට මෙන්ම, ඔබගේ අලංකාර සිතුවමින් MAS ARENA හි බිත්ති වර්ණවත් කිරීමට ඔබ සියලූ දෙනා මෙහි පැමිණ අප හා සම්බන්ධවීම පිළිබඳ බෙහෙවින්ම සතුටු වෙමු.

තරගාවලිය පුරා ශ‍්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලකින්ම EDEX  වෙත පැමිණී අති මහත් සිසුන් සංඛ්‍යාවක්  වූ අතර ඔබගේ පැමිණීම සෑම සතියක්ම පාසාම වර්ණවලින් උද්දීපනය කිරීමට අපි අපේක්ෂා කළෙමු. සෑම සිතුවමකම වූ අලංකාරවත්බව, නිර්මාණාත්මක බව මෙන්ම ඔබගේ උනන්දුව දුටු අපගේ හදවත් තුළ ඇති වූ සතුටට සීමා නැත.

තාක්ෂණයෙන් මෙන්ම ඔවුන්ගේ ප‍්‍රධාන පාසල් ක‍්‍රියාකාරකම්වලින් තරමක් ඈත්වී, පාසල් ළමුන් විශාල ගණනක් ඔවුන්ගේ චිත‍්‍ර කලාවට දැක්වූ දැඩි ආදරය නිසා ඇතිවූ ආශාව තෘප්ත කර ගැනීමට කාලය වැය කර ඔවුන්ගේ සහජ හැකියාවන් අප හා බෙදා ගැනීම සම්බන්ධයෙන් අප තුළ සියුම් ආඩම්බරයක් ඇතිවේ.

සෑම සිතුවමක්ම ඔබගේ හැකියාව, දක්ෂතාවය සහ ඔබ වටා වූ ලෝකය පිළිඹිබු කරන නව නිර්මාණයකි. එමෙන්ම ඒවා කලාත්මක ආකාරයෙන් අවට පරිසරය ග‍්‍රහණය කර ඇත.

යථාර්ථය හා පරිකල්පනනය නිරූපිත වර්ණ මෙන්ම ඔබගේ සිහින හා බලාපොරොත්තු සමග මුසූ වූ තේමාවන් ඔබ විසින් තෝරාගෙන ඇත. ඔබ ඇදි සිතුවම ඔබගේ සිතෙහි වූ සතුට, පී‍්‍රතිය, තෘප්තිය, දුක සහ බැදුනු සිතිවිලි හා හැගීම් මෙන්ම ඔබගේ අභ්‍යන්තරය මනාව කැටිකොට විචිත‍්‍රව විස්තර කරන උත්පේ‍්‍රරකයක් බදුය.

ඔබ පරිසරය, පාසල, ජීවිතය හා ඔබගේ දැක්ම හුවාදක්වන ආකාරය ඔබ විසින් අපට පෙන්වා ඇත. එක් අතකින් ඔබ අපගේ ලෝකය වඩාත් යථාර්ථවාදී කරන අතරම ඔබ විසින් අපව වික‍්‍රමාන්විත සංචාරයක ගෙන යනු ඇත.

පාසල් යන දුවා දරුවන්ගේ සියල්ලගේ චිත‍්‍රකලා හැකියාවන් ඔප්නංවන දැවැන්තම වේදිකාව බවට EDEX සිතුවම් පත්ව ඇත. එමෙන්ම එය සිහිනයන් සිතුවම් කරන දැවැන්ත සිතුවමකි. අද දින අප මහත් අභිමානයෙන් මෙම සිත්තර ශූරතාවලියේ දසවන වසර සමරන්නෙමු.

අප මෙම අවස්ථවේ ගුරුවරුන්ට, දෙමාපියන්ට, මෙන්ම විශේෂයෙන්ම සිව්වසරක් පුරාවට අඛණ්ඩව මෙම දුවා දරුවන්ගේ කලා කුසලතා ඔප් නැංවීමට අපට අනුග‍්‍රාහකත්වය දැක්වූ Lankem Robbialac සමාගමට ස්තුතිය පිරිනමමු.

මෙම වසරේ ජයග්‍රාහක  සිසුන් …. 

ප්‍රාථමික  අංශය

1 W.P. Binul Dulmika Pathirana – St. Bernadett’s Model School Polgahawela

2 Nuthara Yenuri Abhayawickrama – Musaeus College Colombo 07

3 P.G. Devhara Nethuki Paranagama – Muhandiram Vidyalaya Deraniyagala

කනිෂ්ඨ අංශය

1 J.K. Yasasi Hansina -Ananda Balika VidyalayaColombo 10

2 H.G. Vinuth Apsara – President’s College Sri Jayawardhanapura, Kotte

3 Shenalie Kavya Mendis – Musaeus College Colombo 07

 

අන්තර් මධ්‍යම අංශය

1 A.K. Ewmini Minthara Perera  -Visakha Vidyalaya Colombo 05

2 K. Kavindu Shehan Mahinda – Rajapaksha College Homagama

3 S.M. Thamasha Dinithi Manawage – Ferguson High School Rathnapura

 

ජ්‍යෙෂ්ඨ අංශය

1 U.K.D. Dulhan Rajitha Senevirathna – Maliyadeva V. Kurunegala

2 I.W.M. Tharini Chamodi Wanigasuriya – Thopawewa M.V.Polonnaruwa

3 K.P.D. Sasindu Lakshan – Sri Sarananda Central College Wewagama